RANCHI AMMA

21%
LKR600.00LKR474.00

More Information

Language Sinhala
Author SHANTHI DISSANAYAKE
Publisher SARASAVI PUBLISHERS
ISBN 13 9789553115775
ISBN 10 9553115772

Details

”දියවන්නාවේ එ් සුඛෝපභෝගී මන්දිරයේ සිට අවම මිලකට ඉහළම රස මසවුළු අනුභව කරමින් අනෙකාට හොරා යැයි ඇඟිල්ල දිගු කරමින් අපේ පිනට පහළ වූ එ් මහෝදරයන් නටන නරි නාටක බල බලා අත්පොළසන් හා ඔල්වරසන් දීම හැරුණු කොට, චූලෝදරයන්ට කළ යුතු වෙනත් කාර්ය භාරයක් නැත්තේද? අගාධයේ මුවවිට දඟර නැටුම් අත වනන්නේ ක‍්‍රෑර හා ගොරතර මරණයට බව තව දුරටත් අමතක කරමුද? රටේ ඉහළම ස්ථරයේ සොරකම පහළම ස්ථරය කඩා බිඳ දමා නිර්මාණය කරන ඛේදවාචකයේ තරම කිරා මැන බලන්නට නම්, රටකට මනා සිහි බුද්ධියක් උවමනාය. ජාතිය, කුලය, ආගම හා පක්ෂය මත පදනම් වෙමින් බෙදී වෙන් වී ඇන කොටා ගන්නට මාන බලන රටක, ජනතාව දියබත් වන නැවක මගී පිරිසකගෙන් සපුරා වෙනස් නොවේ. දිදුලන පැහැයන් තවරා සිත්තම් කළ සිතුවම සූරා දමා කළු හා අළු පැහැය මතු කරන්නටද එ් දුර්වර්ණ බව අකා මකා දමා, නව පැහැයෙන් නව ජවයෙන් අලූත්ම සිත්තමක් නිර්මාණය කරන්නටද පුරවැසියා සමර්ථ විය යුතුය. බුහුටි විය යුතුය. මේ සියලූ සිදුවීම් අවධාරණය කරන්නේ එයම විනා අන් කුමක්ද? අන්ධකාරයේ වල්මත් වන්නටද අගාධයේ ඇද වැටෙන්නටද නොතින් ආශාවක් දක්වන රටක එ් එකම ප‍්‍රශ්නය පුන පුනා හා හඬ නඟා ඇසිය යුතුව තිබේ.”